එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දේශපාලන කටයුතු ප්‍රධාන ජෙෆ්රි ෆෙල්ට්මාන් සිව් දින නිල සංචාරයක් සඳහා ඊයේ (05දා) උතුරු කොරියාවේ පියොන්ග්යැන්ග් අගනුවර වෙත ළඟා වී තිබේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නිලයක් හොබවන අයෙකු උතුරු කොරියාව තුළ මෙවැනි සංචාරයක් සඳහා පැමිණ ඇත්තේ වසර හයකට පසුවය.
උතුරු කොරියාව විසින් පසුගිය සැප්තැම්බරයේදී සිදුකර තිබූ ආරාධනයකට අනුව මෙම සංචාරය සංවිධානය වී තිබූ අතර, උතුරු කොරියාව හා එක්සත් ජාතීන්ගේ සංවිධානය අතර ප්‍රතිපත්තිමය සාකච්ඡාවක් සඳහා එම ආරාධනය ලැබී තිබුණු බව කියැවෙයි.
මෙම සාකච්ඡාව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මාස කිහිපයක් පුරා කර අරිමින් සිටියත්, පසුගියදා ප්යොන්ග්යැන්ග් පාලනය අත්හදා බැලූ ප්‍රබලතම අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලයෙන් පසුව මෙම හදිසි සංචාරය පිටත්ව යෑමට එක්සත් ජාතීන් තීරණය කර තිබුණි.