එක්සත් ස්කොට්ලන්තයක් වෙනුවෙන් මිත්‍රත්වය වපුරන්න - හිටපු අගමැති


විවිධ වාදභේද දුරලා එක්සත් ස්කොට්ලන්තයක් උදෙසා මිත්‍රත්වය වර්ධනය කරන ලෙස බ්‍රිතාන්‍යයේ හිටපු අගමැතිවරයකු වූ ගෝර්ඩන් බ්‍රවුන් ඉල්ලා සිටියි.

ස්කොට්ලන්ත ජනමත විචාරණයෙන් පසුව පැවති දේශනයක් අමතමින් හිටපු අගමැතිවරයා එම ඉල්ලීම කර තිබේ.

පසුගිය 18 වැනිදා පැවති ජනමත විචාරණයේදී ස්කොට්ලන්ත වාසීන්ගෙන් බහුතරය තවදුරටත් එක්සත් ජනපදයේ කොටසක් ලෙස පැවතීමට ඇති කැමැත්ත සිය ඡන්දය මගින් ප්‍රකාශ කර තිබුණි.

ඒ අනුව, මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු අගමැති ගෝර්ඩන් බ්‍රවුන් පවසා සිටියේ මේ ජනමත විචාරණයත් සමග මුළු ලෝකයේම ඇස් දැන් බ්‍රිතාන්‍ය නායකයන් දෙසට යොමු වී ඇති බවයි.

ජනමත විචාරණයෙන් ස්කොට්ලන්තය බෙදී නොයෑම වැළැක්වීම සඳහා අවසන් තරුම්පුව ලෙස ස්කොට්ලන්තයට පුළුල් ලෙස බලය බෙදීමක් සිදුකරන බවට බ්‍රිතාන්‍යයේ ප්‍රධාන දේශපාලන පක්ෂ තුනේම නායකයෝ එකම වේදිකාවක සිට ජනමත විචාරණයට පෙර ප්‍රතිඥා දුන්හ.

එහිදී, බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් පවසා තිබුනේ මෙම දේශපාලන වෙනස්කම් ස්කොටල්නත්යට පමණක් නොව, එංගලන්තය, වේල්සය සහ උතුරු අයර්ලන්තයේද සිදුකරන බවයි.



Recommended Articles