උතුරු කොරියාව විසින් උතුරුදිග ජපානයට ඉහළින් තවත් බැලස්ටික් මිසයිල අත්හදා බැලීමක් සිදුකර ඇති බව දකුණු කොරියානු හා ජපාන රජය පවසයි.
කිලෝමීටර් 3,700ක දුරක් ගමන් කර ඇති මෙම මිසයිලය ජපානයේ උතුරුදිග හක්කයිඩෝ දූපතට ඉහළින් පියාසර කරමින් පැසිෆික් සාගරයට පතිත වි ඇති බව නිරීක්ෂණය කර තිබේ.
මේ ආකාරයේම මිසයිල අත්හදා බැලීමක් උතුරු කොරියාව විසින් පසුගිය මාසයේදීද සිදුකළ අතර, මෙය පෙර නොදුටුවිරූ අවදානමක් බව ජපානය පැවසීය.
දකුණු කොරියානු ආරක්ෂක අංශ පෙන්වා දෙන්නේ මෙම නවතම මිසයිලය ප්යොන්ග්යැන්ග් නුවරින් එරට වේලාවෙන් උදෑසන 7.00 ට පමණ ගමන් අරඹා ඇති බවයි.
අගෝස්තු 29දා එල්ල කරනලද මිසයිලය හා සැසඳීමේදී ඊට වඩා ඉහළ උන්නතාංශයකින් මෙම මිසයිලය ගමන් කර ඇති බවද ජපාන හා දකුණු කොරියානු ආරක්ෂක අංශ තහවුරු කරයි.