උ.කොරියානුවන්ගේ විනෝදයට ද.කොරියාව වියදම් දරයි


දකුණු කොරියාවේදී පැවැත්වෙන සීත සෘතු ඔලිම්පික් ක්‍රීඩා උලෙළ වෙත පැමිණි උතුරු කොරියානු නියෝජිතයන්ගේ සියලු වියදම් දකුණු කොරියාව විසින්ම ගෙවන විශේෂ සැලසුමක් සම්මත කරගෙන තිබේ.

ඇ.ඩො.මිලියන 2.64ක (කොරියානු වොන් 2.86ක) එම සමස්ත වියදම දකුණු කොරියානු එක්සත් අමාත්‍යාංශ අයවැය තුළින් ලබාගැනීමට බලාපොරොත්තු වෙයි.

දකුණු කොරියාවේදී පැවැත්වෙන ක්‍රීඩා උලෙළ සඳහා උතුරු කොරියානු ක්‍රීඩා ලෝලීන් මෙන්ම, ගායන හා නර්තන ශිල්පීන් 400කට ආසන්න පිරිසක් සහභාගී වී තිබුණි.

උතුරු කොරියාව සාම ක්‍රියාවලියට සැබෑ ලෙසම සම්බන්ධ වන්නේද යන්න සැක සහිත බව පවසමින් මෙම පිරිසගේ පැමිණීම මෙන්ම, ඔවුන් වෙනුවෙන් සිදුකරනු ලබන වියදම් ඇතැම් දකුණු කොරියානුවන්ගේ ප්‍රශ්න කිරීම්වලටද ලක්ව තිබුණි.

කෙසේ වෙතත්, උතුරු කොරියානු නායකයා තම අත්අකුරින්ම ලියූ ආරාධනා පත්‍රයක් සමග දකුණු කොරියානු නායකයාට සිය රටට පැමිණෙන ලෙස ආරාධනා කිරීමද මෙම ක්‍රීඩා උලෙළ සමග සිදුවීම විශේෂත්වයක් ගෙන තිබුණි.

මෙය කොරියානු අර්ධද්වීපයේ ඇතිවීමට ගිය යුද උණුසුම පහව යන වඩාත් සුවිශේෂී තත්ත්වයක් බව බොහෝ විචාරකයන්ගේ අදහස වී තිබුණි.

1_cheerleaders



Recommended Articles