උසේන් බෝල්ට්ගේ අනඟ රැඟුමට වර්ජින් රතු වෙයි


ලොව වේගවත්ම මිනිසා යන විරුධාවලිය ලබා සිටින ජැමෙයිකානු ජාතික කෙටිදුර ධාවන ශූර උසේන් බෝල්ට්ගේ අශෝභන රංගනයක් හේතුවෙන් වර්ජින් සමාගම අපහසුතාවකට පත්ව ඇති බව වර්තා වෙයි.

උසේන් බෝල්ට් මේ දිනවල වර්ජින් සමාගමේ දැන්වීම් කිහිපයකටම සිය දායකත්වය ලබාදෙන නිසා, ඔහු ට්‍රිනිඩෑඩ් හා ටොබෑගෝ හි රාත්‍රී සමාජ ශාලාවක පැවති සැණකෙළියකදී ඊට සහභාගි වූ යුවතියක සමග අශෝභන රංගනයක යෙදෙන ඡායාරූප කිහිපයක් අන්තර්ජාලය හරහා ප්‍රසිද්ධ වීමත් සමග වර්ජින් සමාගම මෙසේ අපහසුතාවට පත්ව තිබේ.

කෙසේ වෙතත්, මේ අශෝභන රංගනය බෝල්ට්ගේ උපන් රට වූ ජැමෙයිකාවට අලුත් දෙයක් නොවන බව පැවසෙන අතර, එය අනවශ්‍ය ලෙස ලිංගිකත්වය උලුප්පා දැක්වෙන නර්තනයක් බව කියැවෙයි.

එමෙන්ම, ඔහුගේ නර්තනය ඡායාරූප ගත කිරීමට ඔහු කිසිදු විරුද්ධත්වයක් දක්වා නොමැති අතර, රාත්‍රී සමාජ ශාලාවේ සැණකෙළියට සහභාගි වූ සිය ක්‍රීඩා ලෝලීන් ඉදිරියේ මෙසේ හැසිරී තිබේ.

අඩි 6 යි, අඟල් 5ක් උස ජැමෙයිකානු ජාතික කෙටිදුර ධාවන ශූරයා මෙම අශෝභන නර්තනය සඳහා තෝරාගෙන ඇත්තේද සැණකෙළියට සහභාගි වූ සිය ක්‍රීඩා ලෝලියක බවද පැවසෙයි.

ලොව වේගවත්ම මිනිසා ලෙස සැලකෙන උසේන් බෝල්ට් මීටර් 100 සහ මීටර් 200 යන ඉසව් දෙකෙහිම ලෝක වාර්තාවට උරුමකම් කියයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් උසේන් බෝල්ට් හෝ වර්ජින් සමාගම නිල වශයෙන් ප්‍රකාශයක් සිදුකර නැත.

 



Recommended Articles