උස්බකිස්ථාන ජනාධිපතිවරණය වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීම පැවති අතර, මෙවර ජනාධිපතිවරණයෙන්ද එරට වත්මන් ජනපති ඉස්ලාම් කරිමෝව් ජයග්‍රහණය කරනු ඇති බව විශ්වාස කෙරෙයි.
ඔහු සමග තරගයට තවත් අපේක්ෂකයන් තිදෙනෙකු ඉදිරිපත්ව සිටියත් ඔහුගේ ජය නියත වනු ඇති බව එරට දේශපාලන ආරංචි මාර්ග පවසයි.
එරට මැතිවරණ කොමිසම පවසා සිටියේ 70%කට වැඩි ඡන්දදායක පිරිසක් මෙවර මැතිවරණය වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කර තිබූ බවයි.
77 වැනි වියෙහි පසුවන කරිමෝව් 1989 වසරේ සිට එරට ජනාධිපති ධුරය හොබවන්නේ, එය සෝවියට් සමූහාණ්ඩුවේ කොටසක්ව පැවති සමයේ සිටය.