තමිල්නාඩුවේදී කුල හීන දාලිත් වැසියෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 6 දෙනෙකුට මරණ දඬුවම පැනවී තිබේ.
ගෞරවය වෙනුවෙන් සිදුකළ මනුෂ්‍ය ඝාතනයක් ලෙස 22 හැවිරිදි සන්කර් නැමති දාලිත් තරුණයාට පහරදී ඝාතනය කර තිබුණේ දහවල ජනයාගෙන් පිරීගිය මහාමාර්ගයකදීය.
මෙම පහරදීම සිදුකළ පුද්ගලයන් පසුව යතුරුපැදිවල නැගී පළාගොස් තිබුණි.
උසස් හින්දු කුලයක තරුණියක හා විවාහ වීමේ වරදට මෙම දාලිත් තරුණයාට මේ ආකාරයෙන් පහරකෑමට ලක්ව මරණය උරුමකර ගැනීමට සිදුවිය.
එමෙන්ම, එම තරුණියටද මෙම පහරදීමේදී තුවාල සිදුව තිබූ බව පොලීසිය පවසයි.
මෙම පහරදීම තරුණියගේ පියා විසින් සිදුකරවා තිබූ අතර, සිද්ධියෙන් මරණීය දණ්ඩනය නියම වූවන් අතර ඔහුද සිටින බව පොලීසිය කියයි.