උතුරු කොරියාව බැලස්ටික් මිසයිල අත්හදා බලයි


උතුරු කොරියාව මැදි දුර බැලස්ටික් මිසයිල අත්හදා බැලීම් දෙකක් සිදු කළ බව වාර්තා වෙයි.

ඇමෙරිකාව, දකුණු කොරියාව සහ ජපානය න්‍යෂ්ටික තාක්ෂණික සමුළුව අතරතුර නෙදර්ලන්තයේදී හමුවූ අවස්ථාවේදීම උතුරු කොරියාව මෙම මිසයිල අත්හදා බැලීම සිදු කිරීම විශේෂ සිදුවීමකි.

උතුරු කොරියාව විසින් ප්‍රථම වරට නොඩොන්ග් මිසයිලය අත්හදා බැලීමෙන් වසර හතරකට පසුව මෙම මිසයිල අත්හදා බැලීම සිදුකර ඇති අතර, මෑතකදී ඔවුන් කෙටිදුර මිසයිල අත්හදා බැලීමක්ද සිදුකළේය.

දකුණු කොරියානු යුද නෞකාවක් මුහුදුබත් වී වසර හතරක් සැමරීමද මෙම මිසයිල අත්හදා බැලීම සමග යෙදෙන බව පැවසෙයි.

කෙසේ වෙතත් ඇමෙරිකාව හා දකුණු කොරියාව විසින් මෙම මිසයිල අත්හදා බැලීම හෙළා දැක ඇති අතර, එය එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තීන් උල්ලංඝනය කිරීමක් බවද පෙන්වා දෙයි.



Recommended Articles