උතුරු කොරියානු නායකයා ජාත්‍යන්තර අධිකරණයකට?


නාසීන් ජර්මනියේ සිදුකළ ආකාරයේ දරුණු වදදීම්, වහල් මෙහෙයේ යෙදවීම, ලිංගික ප්‍රචණ්ඩ ක්‍රියා, දේශපාලන මතවාද මර්දනය සහ තවත් බොහෝ 'ඇදහිය නොහැකි අන්දමේ' අපරාධ පිළිබඳ සාක්ෂි උතුරු කොරියාවෙන් ලැබෙන බව එක්සත් ජාතීන් පවසයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ නිර්දේශ පරිදි වසරක් පුරා පරීක්ෂණ පැවැත්වූ විශේෂඥ කමිටුවක් මෙම තොරතුරු අනාවරණය කර ඇත.

ඒ අනුව, උතුරු කොරියාවේ ඉහළ පෙළේ නායකයන් ජාත්‍යන්තර අපරාධ අධිකරණය ඉදිරියට පැමිණ විය යුතු බව එක්සත් ජාතීන්ගේ කමිටුවේ නිර්දේශය වී තිබේ.

උතුරු කොරියානු වද කඳවුරකදී කාන්තාවන් විඳි දුක එක් කාන්තාවක කියා සිටියේ, "කඳවුරකට රැගෙන පැමිණි විට කාන්තාවන්ගේ ලේ පරීක්ෂා කරනවා. ඒ කාන්තාව ගැබ් ගෙන සිටියොත්, දරු ගැබ ගබ්සා කර ගන්න කියා බල කරනවා" යනුවෙනි.



Recommended Articles