සෝනි පික්චර්ස් වෙත එල්ල වූ සයිබර් ප්‍රහාරය හා ද ඉන්ටර්වීව් චිත්‍රපටය හරහා ඇති වී තිබෙන වාතාවරණය තුළ උතුරු කොරියාව විසින් ඇමෙරිකාව වෙත අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ.
දැඩි ප්‍රකාශයක් නිකුත් කරන උතුරු කොරියාව පවසන්නේ ධවල මන්දිරයට, පෙන්ටගනය හා සමස්ත උතුරු ඇමෙරිකානු රාජ්‍යයට පහර දෙන බවට අනතුරු අඟවා තිබේ.
උතුරු කොරියානු නායකයා උපහාසයට ලක්කරමින් සෝනි පික්චර්ස් විසින් එළිදැක්වීමට සූදානම් වන ද ඉන්ටර්වීව් චිත්‍රපටය හේතුවෙන් සෝනි පික්චර්ස් වෙත උතුරු කොරියාව සයිබර් ප්‍රහාරයක් දියත් කළේ යැයි කියන චෝදනාව ඔවුහු ප්‍රතික්ෂේප කරති.
කෙසේ වෙතත්, මේ ආකාරයෙන් විවිධ රටවලට අනතුරු ඇඟවීම් කිරීමේ දීර්ඝ ඉතිහාසයක් උතුරු කොරියාව සතු නිසා මෙම අනතුරු ඇඟවීමද හුදු කට වචනයෙන් පමණක් කරන්නක් බව විචාරකයෝ පෙන්වා දෙති.