උතුරු කොරියානු නායකයා සිය නැගණිය ලොකු පුටුවකට ගෙනෙයි


උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-උන් සිය බාල සොහොයුරියට තම පක්ෂයේ ඉහළ ධුරයක් පිරිනමා ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

ඒ අනුව, කිම් යෝ-ජොන්ග් නමැති ඇය උතුරු කොරියානු KCNA පක්ෂ මධ්‍යම කමිටුවේ උප-අධ්‍යක්ෂවරයෙකු ලෙස පත්කොට තිබේ.

කිම් ජොන්ග්-උන්, කිම් පවුලේ තුන්වැනි පරම්පරාව නියෝජනය කරන නායකයා ලෙස මේ වනවිට උතුරු කොරියාව පාලනය කරන අතර, ඔහු ආසියානු කලාපයේ ඒකාධිපති පාලකයෙකු ලෙස මේ වනවිටත් නම් දරා සිටියි.

එමෙන්ම, ඔහුගේ නැන්දාද එරට පාලක පක්ෂයේ ඉහළ තනතුරක් දරයි. කෙසේ වෙතත්, කිම් ජොන්ග්-උන් තම බලය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් මීට මාස කිහිපයකට පෙර පාලක පක්ෂයේ ඉහළ ධුරයක් හෙබවූ ඔහුගේ මාමා මරා දැමුවේ, රජය පෙරළීමට කුමන්ත්‍රණයක් කරන බව පවසමිනි.

 



Recommended Articles