උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-උන් එක්සත් ජාතින්ගේ ජාත්‍යන්තර අධිකරණය හමුවේ වැරදිකරුවකු විය හැකි බව විදෙස් පුවත් සේවා පවසයි.
මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධව උතුරු කොරියාව ජාත්‍යන්තර අධිකරණය හමුවට ගෙන ආ යුතු බවට එක්සත් ජාතීන්ගේ කමිටුවක් එරට ආරක්ෂක මණ්ඩලයෙන් ඉල්ලා තිබීම තුළ මෙම තත්ත්වය උදාවී තිබේ.
එක්සත් ජාතීන්ගේ වාර්තාවක් මගින් එළිදක්වා තිබුණේ උතුරු කොරියාවේ කම්කරු කඳවුරු ක්‍රමය සමූලඝාතන, වහල් සේවයේ යෙදවීම, වැඩ හිංසා පැමිණවීම, දුෂණය කිරීම සහ බලෙන් ගබ්සා කරවීම වැනි සිදුවීම්වලට වගකිවයුතු බවයි.
උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-උන් ජාත්‍යන්තර අධිකරණය හමුවේ වැරදිකරුවකු විය හැකි බැවින් එම වාර්තාව පිළිබඳව උතුරු කොරියාව සැහැල්ලු අකාරයෙන් සලකා බැලීමට උත්සාහ කර ඇති බවද කියැවෙයි.
මෙම එක්සත් ජාතීන්ගේ වාර්තාව පිළිබඳව ආරක්ෂක මණ්ඩලය විසින් ඉදිරි කටයුතු කරනු ලැබීම වළක්වා ලීමට චීනය සහ රුසියාව කටයුතු කරමින් සිටින බවද විදෙස් පුවත් සේවා පවසයි.