උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-උන් ළමා නිවාසයකදී ගත් ඡායාරූපයේ ඔහුගේ පසුබිමින් දැක්වෙන්නේ අසැබි දසුනක ව්‍යංගයක් බව ජාත්‍යන්තර මාධ්‍ය පවසනවා. කිම් ජොන්ග්-උන් ජාත්‍යන්තර මාධ්‍යයේ නිරන්තර පුවත් මවන්නෙකු නිසා ඔහු වටා ගෙතෙන ඕනෑම සිදුවීමක් වඩාත් නිරීක්ෂණය කිරීමට බටහිර මාධ්‍යයේ උකුසු ඇස නිරන්තරයෙන් එල්ල වෙනවා.
පසුගිය කාලයේ සති කිහිපයක් අතුරුදන් වී සිටි උතුරු කොරියානු නායකයා පාදයේ ශල්‍යකර්මයක් හේතුවෙන් එසේ අතුරුදන්ව සිටි බවට දකුණු කොරියානු බුද්ධි අංශ උපුටා දක්වමින් බටහිර මාධ්‍ය වාර්තා කළා. කෙසේ වෙතත්, දැන් නැවතත් කරළියට පැමිණ සිටින උතුරු කොරියානු නායකයා නිරන්තරයෙන්ම ළමා නිවාසවල කරක් ගසන දසුන් මාධ්‍ය වෙත නිකුත් කරනවා.
රාජ්‍ය නායකයෙකු වීමට තරම් පරිණත මුහුකුරා ගිය ස්වරූපයක් නොමැති නිසාම, ඔහු තමාගේ දරදඬු ප්‍රතිරූපය මෘදු මොළොක් ලෙස ලෝකයට දීමට මෙවැනි ඡායාරූපය නිකුත් කරන බවටද මතයක් පවතිනවා.
ළමා නිවාසයක සිටියත්, ඔහුගේ නොනිමි ආසාව වන දුම්වැටිය කිසිදු අවස්ථාවක අත් නොහරින ඒකාධිපති පාලකයා ළමා නිවාසය තුළත් දුම්වැටිය දල්වාගෙන සිටින ආකාරය දැකිය හැකි වන්නේ, ඔහුගේ මෘදු මොළොක් බව ව්‍යාජයක් බව විදහා දක්වමිනුයි.
කෙසේ වෙතත්, අතුරුදන්ව සිටි නැවත කරළියට පැමිණීමේදී අත් වාරුවක් යොදා ගත්තත් දැන් ඒ අත් වාරුව ඔහු යොදා නොගන්නා බවත් මේ නවතම ඡායාරූපවලින් හෙළි වී තිබෙනවා. ඔහුගේ පාදයේ ශල්‍යකර්මය හේතුවෙන් මෙසේ අත් වාරුව යොදා ගත් බවටද මතයක් පැවතියා.