උතුරු කොරියාවේ ප්‍රමුඛතම දේශපාලන උත්සවයක් වෙත එරට නායක කිම් ජෝන්ග්-උන් නොපැමිණීමත් සමග ඔහුගේ අතුරුදන් වීම ගැන ලොව පුරා විශේෂ කතාබහක් ඇති වී තිබේ.
උතුරු කොරියානු පාලක පක්ෂයේ සංවත්සරය වෙනුවෙන් මෙවර ඔහුගේ නම ඇතුළත් නොවූ අතර, පසුගිය මාසයක පමණ කාලයක සිට ඔහු කිසිදු රාජ්‍ය හෝ වෙනත් උත්සවයකදී දැකගත නොහැකි විය.
සිය පියාගේ මරණයෙන් පසුව 2011 වසරේ බලයට පැමිණි ජොන්ග්-උන් මෙසේ දීර්ඝ කාලයක් අතුරුදන්වූ ප්‍රථම අවස්ථාව මෙය ලෙස සැලකෙයි.
මේ අතර, පසුගිය මාසයේදී එරට රජයේ රූපවාහිනිය කියා සිටියේ යම් ශාරීරික ආබාධයක් හේතුවෙන් ඔහු විවේක සුවයෙන් පසුවන බවයි.
කෙසේ වෙතත් කිම් ජොන්ග්-උන්ගේ අතුරුදන් වීමත් සමග ඔහුගේ සෞඛ්‍ය මෙන්ම බලය පිළිබඳවද බලවත් ප්‍රශ්න මතුව තිබේ.