උතුරු කොරියාව කිසිදු ආකාරයක මිසයිල හෝ න්‍යෂ්ටික අවි පරීක්ෂණයකට සූදානම් නොවන බව ජිනීවා හි එරට නිත්‍ය නියෝජිත සෝ සේ ප්යොන්ග් රොයිටර් පුවත් සේවයට පවසා තිබේ.
එමෙන්ම, තම න්‍යෂ්ටික වැඩපිළිවෙළ සම්බන්ධයෙන් පාර්ශ්ව හයක් එක්වූ සාකච්ඡාවකටද ඔවුන් සූදානමින් සිටි බව හෙතෙම පැවසී්‍ය.
2008 වසරේදී න්‍යෂ්ටික ගිවිසුම උල්ලංඝනය කරමින් මිසයිල හා න්‍යෂ්ටික පරීක්ෂණ කිහිපයක්ම උතුරු කොරියාව සිදුකර තිබුණි.
එමෙන්ම, උතුරු කොරියානු නායකයාගේ සෞඛ්‍ය තත්ත්වය අසාධ්‍යය බවට පළ වූ පුවත් සත්‍යයෙන් තොර බවද හෙතම සඳහන් කළේය.
කෙසේ වෙතත් සති හතරක කාලයක සිට උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් මහජනතාව ඉදිරියට පැමිණ නැති අතර, ඔහු පසුගිය සැප්තැම්බර් මාසයේ පැවති අතිශය වැදගත් දේශපාලන රැස්වීමකටද පැමිණ සිටියේ නැත.
කෙසේ වෙතත්, ඔහු යම් රෝගාබාධයකින් පෙළෙන බව එරට රජයේ රූපවාහිනිය පවා පවසා තිබුණි.