උතුරු කොරියාවේ නායක කිම් ජොන්ග් උන් රෝගාතුර වී ඇති බව උතුරු කොරියානු බලධාරීන් පිළිගෙන තිබේ.
වඩාත් කතාබහට ලක්වූ උතුරු කොරියානු නායකයා පසුගිය සති තුන ඇතුළත පෙනෙන්නට නොසිටි අතර, ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ විවිධ කටකතා පැතිරෙන්නට විය.
කෙසේ වෙතත්, යේ පැවති එරට මහජන නායක රැස්වීමෙන අනතුරුව කොරියානු නායකයාගේ අසනීප තත්ත්වය උතුරු කොරියානු ජාතික රුපවාහිනිය විසින් නිවේදනය කරන ලදී.
"අපේ සමාජවාදයේ සමෘද්ධිය සහ සෞභාග්‍යය පවතින්නේ අපේ නායකයාගේ වෙහෙසකාරී උත්සාහයට ස්තූති වන්නටයි. ඔහු අපහසුතාවයකින් පෙළුනත් ජනතාවගේ ගමන් මග දීප්තිමත් කිරීමට දැල්වෙන පහනක් මෙන් කටයුතු කරමින් ඉන්නවා" යනුවෙන් මෙම නිවේදනය රුපවාහිනිය ඔස්සේ ප්‍රචාරය කර තිබුනේ ඉතා හැඟීම්බරව බවද කියවුණි.
කෙසේ වෙතත් මේ ආකාරයෙන් සිය නායකයාගේ සෞඛ්‍ය තත්වය ප්‍රසිද්ධියට පත් කිරීම උතුරු කොරියාවේ සිදුවන දුර්ලභ සිදුවීමක් වුවත්, මෙසේ උතුරු කොරියානු නායකයාගේ සෞඛ්‍ය තත්ත්වය ප්‍රසිද්ධ කිරීම තුළ ඔහු බලවත් රෝගාබාධයකින් පෙළෙන්නේද යන්න පිළිබඳ දේශපාලන විශ්ලේශකයන් සැක පහළ කරති.