උතුරු කොරියාවට තෙල් යැවීම සඳහා චීනය කටයුතු කර ඇති පුවතින් තමන් දැඩි කණස්සල්ලට පත්වූ බව ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
උතුරු කොරියානු අර්බුදය විසඳීම සඳහා ප්යොන්ග්යැන්ග් වෙත තෙල් අපනයනය කිරීමට තීරණය කිරීම කිසිම ආකාරයකින් මිතුරු විසඳුමක් නොවන බවද හෙතෙම ට්විටර් පණිවුඩයකින් පවසා තිබේ.
කෙසේ වෙතත්, උතුරු කොරියාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් පනවා ඇති තෙල් සම්බාධකයක් බිඳ දැමූ බවට නැගෙන චෝදනා මීට පෙර චීනය ප්‍රතික්ෂේප කර තිබුණි.
එමෙන්ම, පසුගිය සතියේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය වෙත ඇමෙරිකාව විසින් ගෙනෙන ලද සම්බාධක යෝජනාවටද චීනයේ සහාය හිමිවිය.
කෙසේ වෙතත්, චීන තෙල් ප්‍රවාහන නෞකා රහසිගතව උතුරු කොරියාව වෙත තෙල් අපනයනය කරමින් සිටින බවට ඇමෙරිකාව චෝදනා කරයි.
සාගරයේදී සිදුවන මෙම තෙල් ගොඩබෑමේ ක්‍රියාවලිය තෙල් නැවකින් තවත් තෙල් නැවකට වශයෙන් සිදුවන බවත්, ඇමෙරිකානු රහස් ඔත්තු සේවා චන්ද්‍රිකා මාර්ගයෙන් මෙම දත්ත පසුගිය ඔක්තෝබර් මාසයේ සිට 30 වතාවක් පමණ සිදුවන ආකාරය නිරීක්ෂණය කර ඇති බවත් දකුණු කොරියානු බලධාරීහුද චෝදනා කරති.