උතුරු කොරියාව සිය නවතම මිසයිල අත්හදා බැලීම හේතුවෙන් ඔවුන් සමග සියලු රටවල් සිදුකරන රාජතාන්ත්‍රික හා වෙළෙඳ ගනුදෙනු නවතා දමන ලෙස ඇමෙරිකාව ඉල්ලීමක් සිදුකර තිබේ.
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය අමතමින් ඇමෙරිකානු නියෝජිතවරිය වූ නිකී හේලි පවසා සිටියේ ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිය චීන මිතුරාගෙන් විශේෂ ඉල්ලීමක් ලෙස උතුරු කොරියාවට සිදුකරන ඉන්ධන සැපයුම නවතන ලෙස ඉල්ලා ඇති බවයි.
එමෙන්ම, මේ අවස්ථාවේදී ඇමෙරිකාව ගැටුමක් අපේක්ෂා නොකරන බවත්, යම් ආකාරයකින් යුද්ධයක් ඇති වුවහොත් උතුරු කොරියාව සම්පූර්ණයෙන්ම විනාශයට පත්වනු ඇති බවත් ඇය පවසා තිබේ.
මාස දෙකකින් පසුව උතුර කොරියාව සිය නවතම අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිල අත්හදා බැලීමත් සමග ඇමෙරිකාව මෙම අනතුරු ඇඟවීම් සිදුකර ඇත.