උතුරු කොරියාව තමන්ගේම රූපලාවණ්‍ය නිපදවීමට පිවිසෙයි


උතුරු කොරියානු ජනපති කිම් ජෝන්ග්-උන් ප්යොන්යැන්ග් නුවර පිහිටි රූපලාණ්‍ය නිෂ්පාදන කර්මාන්ත ශාලාවක නිරීක්ෂණයකට සහභාගි වී තිබේ.

එරට රජයේ රූපවාහිනිය විසින් මෙහි ඡායාරූප නිකුත් කර තිබුණු අතර, එම ඡායාරූපවල ජනාධිපතිවරයා සමග සිටි ජනාධිපති ආර්යාව කලාතුරකින් ඡායාරූපවල දැකිය හැකි තැනැත්තියකි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ලොව බලවත් රටවල් විසින් උතුරු කොරියාව වෙත පනවා ඇති සම්බාධක සමග එරට වෙත රූපලාවණ්‍ය නිෂ්පාදන ආනයනය ඉතා අඩු මට්ටමක පවතී.

ඒ අනුව, තමන්ගේම රූපලාවණ්‍ය නිෂ්පාදන ව්‍යාපාරයක් වර්ධනය කරගැනීමට ඔවුන් කටයුතු කළා විය හැකි බව මෙම ඡායාරූපවලින් ගම්‍ය වන්නේ යැයි විදෙස් වාර්තා පවසයි.

උතුරු කොරියාව පසුගිය කාලය පුරාවට සිදුකළ න්‍යෂ්ටික අත්හදා බැලීම් හමුවේ එරටට විවිධ බලපෑම් ලොව නන් දෙසින් එල්ල වූ අතර, ඇමෙරිකාව හා යුද උණුසුමක ඔවුන් නිරතව සිටින බවද නොරහසකි.

1_N Korea2 3 4



Recommended Articles