උතුරු කොරියාවෙන් ඔස්ට්‍රේලියාවට අනතුරු ඇඟවීමේ ලිපියක්


ඇමෙරිකානු පාලනයෙන් ඉවත්ව සිටින ලෙස දන්වමින් උතුරු කොරියාව විසින් ඔස්ට්‍රේලියාවට අනතුරු ඇඟවීමේ ලිපියක් යොමුකර ඇති බව විදෙස් වාර්තා පවසයි.

විශේෂයෙන්ම, උතුරු කොරියාවට පහර දෙන බවට ඇමෙරිකානු ජනපති ට්‍රම්ප් විසින් සිදුකරන ලද ප්‍රකාශයද මෙම ලියවිල්ලෙන් හෙළා දැක තිබේ.

ඔස්ට්‍රේලියානු අගමැතිවරයා පවසා සිටියේ මෙම ලිපිය ඇමෙරිකානු හිතවාදී සෙසු රටවලටද උතුරු කොරියාව විසින් යවා ඇති බවයි.

කෙසේ වෙතත්, මෙම ලිපිය තුළින් උතුරු කොරියාවට එල්ල වී ඇති රාජතාන්ත්‍රික පීඩනය ඔවුන් විසින්ම පිළිගැනීමක් දැකිය හැකි බවද ඔස්ට්‍රේලියානු අගමැතිවරයා පවසයි.

ඉන්දුනීසියාවේ පිහිටි උතුරු කොරියානු තානාපති කාර්යාලය හරහා මෙම ලිපිය ඔස්ට්‍රේලියාව වෙත යොමුකර තිබේ.

1_N korea2



Recommended Articles