උතුරු කොරියාව න්‍යෂ්ටික මුවවිටට ඇවිදින් - CIA


උතුරු කොරියාව මේ වනවිට ඇමෙරිකාව වෙත න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල කිරීමට හැකි මට්ටමට පත්ව සිටින බව සී.අයි.ඒ. රහස් ඔත්තු සේවයේ අධ්‍යක්ෂ මයික් පොම්පේ අනතුරු අඟවයි.

මෙම අර්බුදය සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපදය තවමත් රාජතාන්ත්‍රික මට්ටමේ සහ උතුරු කොරියාවට සම්බාධක පනවමින් ඔවුන් මෙල්ල කිරීමේ ප්‍රයන්තයක නිරතව සිටියත්, අවශ්‍ය වුවහොත් හමුදාමය ක්‍රියාමාර්ගයකින් ඔවුන් අඩපණ කිරීමට පසුබට නොවන බවද සී.අයි.ඒ. ප්‍රධානියා අවධාරණය කර ඇත.

විශේෂයෙන්ම න්‍යෂ්ටික තාක්ෂණයෙන් උතුරු කොරියාව දිනෙන් දින ලබාගන්නා ප්‍රගතිය මත ඔවුන් සිය ඉලක්කය සපුරා ගන්නා දිනය පිළිබඳ ස්ථිර නිගමනයකට පැමිණීමට නොහැකි බවද හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ.

කෙසේ වෙතත්, උතුරු කොරියාව සමග පවතින මතභේදය රාජතාන්ත්‍රික මට්ටමින් විසඳා ගැනීම වත්මන් ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අදහස බව රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් පසුගියදා පවසා තිබුණි.

CIA Director Mike Pompeo Commemorates 75th Anniversary Of Founding of OSSNorth Korea has made a nuclear weapon small enough to fit on a missile. How worried should the world be?



Recommended Articles