උතුරු කොරියාවට චීනයෙන් උදව් ලැබෙන බව ට්‍රම්ප් කියයි


උතුරු කොරියාව සමග දිගින් දිගටම වෙළෙඳ සබඳතා තරකර ගනිමින් චීනය උතුරු කොරියාවේ දිගුදුර බැලස්ටික් මිසයිල වැඩපිළිවෙළට චීනය සහයෝගය ලබාදෙන බවට ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා කරයි.

ඇමෙරිකානු ජනාධිපතිවරයා පවසන්නේ මේ තත්ත්වය පිටුදැකීම සඳහා චීනයට තවත් බොහෝ සමීපව ඇමෙරිකාව සමග කටයුතු කිරීමට සිදුවනු ඇති බවයි.

මේ අතර, උතුරු කොරියාව පසුගියදා සිදුකළ අන්තර්මහද්වීපික බැලස්ටික් මිසයිල අත්හදා බැලීමට ප්‍රතිචාර දක්වමින් ඇමෙරිකාව හා දකුණු කොරියාව ජපාන මුහුදේදී බැලස්ටික් මිසයිල අත්හදා බැලීමක් සිදුකර තිබුණි.

මේ අතර, චීනය හා රුසියාව මෙම රාජ්‍යයන් ද්විත්වයටම පවසා තිබුණේ තම තමන්ගේ යුද ශක්තිය පෙන්වීමට කටුයුතු නොකරන ලෙසයි. එමෙන්ම, උතුරු කොරියානු පාලනය පෙරළීමට කිසිවෙකුට අවස්ථාවක් නොදෙන බවද ඔවුන් පවසා තිබේ.



Recommended Articles