උතුරු කොරියාව සිය බටහිර මායිමේ සිට තවත් බැලස්ටික් මිසයිල අත්හදා බැලීමක් සිදුකර ඇති බව ජපානය සහ දකුණු කොරියාව තහවුරු කරයි.
උතුරු කොරියානු වේලාවෙන් අද උදෑසන 9.40 ට පමණ උතුරු ප්යොන්ගන් පළාතේ, බැන්ග්හයොන් සිට මෙම මිසයිලය ගුවනට යවා ඇති බව දකුණු කොරියානු ආරක්ෂක අංශ තහවුරු කරයි.
කොරියාව පවසන්නේ මෙම මිසයිලය ජපාන මුහුදේ සිය ආර්ථික කලාපය වෙත පතිත වන්නට ඇති බවයි.
උතුරු කොරියාව පසුගිය කාලය පුරාවට දිගින් දිගටම මිසයිල අත්හදා බැලීම තුළ ජාත්‍යන්තරයෙන් දෝෂදර්ශනයට මෙන්ම, දැඩි සම්බාධකවලටද යටත්ව සිටියි.
අද ඔවුන් අත්හදා බලා ඇති මිසයිලය කිලෝමිටර් 930ක් දුර ගමන් කර ඇති අතර, එය විනාඩි 40ක පමණ ගමන් කාලයක් වාර්තා කර ඇති බවද ජපාන හා දකුණු කොරියානු බලධාරීහු පවසති.
කෙසේ වෙතත්, උතුරු කොරියාව සම්බන්ධයෙන් තම ඉවසීමේ සීමාව ඉක්මයමින් පවතින බව පසුගියදා ඇමෙරිකානු ජනාධිපතිවරයාද පවසා සිටි අතර, උතුරු කොරියානු අර්බුදය සම්බන්ධයෙන් ඇමෙරිකානු හා චීන නායකයන් දුරකථන සංවාදයකද නිරත වූයේ ඉතා මෑතකදීය.
මේ ආකාරයෙන් දිගින් දිගටම උතුරු කොරියාව තම අභිමතය පරිදි පමණක් කටයුතු කළහොත් කොරියානු අර්ධද්වීපයේ තත්ත්වය වඩාත් භයානක විය හැකි බවද දේශපාලන විචාරකයෝ පවසති.