උතුරු කොරියාව ගැන ඉවසීම පැනලා - ට්‍රම්ප්


මූලෝපාය වශයෙන් උතුරු කොරියාව සම්බන්ධයෙන් මෙතෙක් කල් ගනු ලැබූ ඉවසීමේ ප්‍රතිපත්තිය අවසන් කිරීමට කාලය එලැඹ ඇති බව ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

දකුණු කොරියානු ජනපති මූල් ජේ-ඉන් සමග ධවල මන්දිරයේ සිට මාධ්‍ය වෙත අදහස් දක්වමින් ට්‍රම්ප් පවසා සිටියේ අප දෙරටටම සාහසික හා ම්ලේච්ඡ පාලනයක අවදානමට ලක්ව ඇති බවයි.

ඒ අනුව, උතුරු කොරියාවට හැකි ඉක්මණින් වඩාත් හොඳ මාර්ගය තෝරාගන්නා ලෙසද ඇමෙරිකානු ජනාධිපතිවරයා පවසා සිටියේය.

මේ අතර දකුණු කොරියානු නායකයා කියා සිටියේ තම රටේ ආරක්ෂක තත්ත්වය තවදුරටත් ප්‍රතිසංස්කරණය කළ යුතුව ඇති අතර, මේ සියලු තර්ජනයන්ගෙන් ආරක්ෂා වීමට තම ආරක්ෂාව වැඩිකර ගත යුතුව ඇති බවය.

ඇමෙරිකාව සමග සිදුකළ සාකච්ඡාවේදී වඩාත් ප්‍රමුඛ සාකච්ඡාව උතුරු කොරියානු අර්බුදය බව පවසා සිටි දකුණු කොරියානු නායකයා වැඩිදුරටත් සඳහන් කළේ වඩාත් ප්‍රබල ආරක්ෂක වැඩපිළිවෙළකින් පමණක් ආසියානු පැසිෆික් කලාපයට තිරසර සාමයක් ළඟා කරගත හැකි බවයි.



Recommended Articles