උතුරු කොරියාව තවත් මිසයිල අත්හදා බැලීමක


උතුරු කොරියාව තවත් මිසයිල අත්හදා බැලීමක් සිදුකළ බව දකුණු කොරියාව නිවේදනය කරයි.

දකුණු කොරියානු ඒකාබද්ධ හමුදා අණදෙන මුලස්ථානය පවසා සිටියේ එරට වේලාවෙන් ඉරිදා (21දා) සවස මෙම අත්හදා බැලීම සිදුවූ බවයි.

විශාල න්‍යෂ්ටික අවියක් ප්‍රවාහණය කළ හැකි රොකට්ටුවක් අත්හදා බැලීමට තම ආරක්ෂක අංශ සමත් වූ බව උතුරු කොරියාව නිවේදනය කර සතියක් ගතවන විට මෙම මිසයිල අත්හදා බැලීමද ඔවුන් විසින් සිදුකර තිබේ.

මේ අතර, පසුගිය සඳුදා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය රැස්වෙමින් උතුරු කොරියාව යළිත් ප්‍රහාරයකට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පියවර ගන්නා බවට අනතුරු ඇඟවීමක්ද කළේය.



Recommended Articles