උතුරු කොරියාව නවතම මිසයිලය ප්‍රබල අවියක්ලු


උතුරු කොරියාව ඊයේ (14දා) අත්හදා බැලූ මිසයිලය න්‍යෂ්ටික පුපුරණ ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් රැගෙන යා හැකි ප්‍රබල බැලස්ටික් මිසයිලයක් බව අනාවරණය වී තිබේ.

කිලෝ මීටර් 2000ක් උඩු ගුවනට විද, කිලෝ මීටර් 700ක දුරක් ගමන් කර ඇති මෙම ප්‍රබල අවිය ජපාන මුහුදේ බටහිර කලාපයට පතිත වූ බව දකුණු කොරියාව පවසයි.

උතුරු කොරියාව මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ තම නවතම අත්හදා බැලීම අලුතින් සංවර්ධනය කරන ලද බැලස්ටික් මිසයිල රොකට්ටුවක් බවයි. එය වඩාත් සාර්ථක අත්හදා බැලීමක් බව ඔවුන් කියා තිබුණි.

කෙසේ වෙතත්, මෙය පෘථිවි තලයෙන්ද ඉහළට ගමන් කළ හැකි ප්‍රබල මිසයිලයක් බවත්, එවැනි තාක්ෂණයක් මේ වනවිට උතුරු කොරියාව සතුව පවතින බවත් මෙම මිසයිල අත්හදා බැලීමත් සමග තහවුරු වී ඇති බව දකුණු කොරියානු මාධ්‍ය පවසයි.

ඒ අනුව, උතුරු කොරියාවේ අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිල ව්‍යාපෘතියේ සාර්ථක අවස්ථාවක් ලෙස මෙය හඳුන්වා සිටියි.



Recommended Articles