උතුරු කොරියාව තවත් මිසයිලයක් අත්හදා බලයි


උතුරු කොරියාව සිය බටහිර වෙරළ තීරයේ සිට නව බැලස්ටික් මිසයිල අත්හදා බැලීමක් සිදුකර ඇති බව දකුණු කොරියාව පවසයි.

ප්යොන්ග්යැන් නගරයට වයඹදිගින් වූ ක්‍යුසොන්ග් හි සිට මෙම මිසයිලය දියත් කර ඇති අතර, එය කිලෝ මීටර් 700ක පමණ දුරක් ගමන් කර ඇති බවද දකුණු කොරියාව වාර්තා කරයි.

මෙම වර්ෂය තුළ උතුරු කොරියාව බැලස්ටික් මිසයිල රැසක් අත්හදා බැලූ අතර, එය ජාත්‍යන්තරයේ විවේචනයට මෙන්ම, ඇමෙරිකාව සමග යුද උණුසුමක පැටලීමටද හේතු විය.

කෙසේ වෙතත්, පසුගිය මාසයේදී උතුරු කොරියාව සිදුකළ මිසයිල අත්හදා බැලීම් දෙකක් ව්‍යර්ථ වී ගියේය.

මෙම නවතම මිසයිල අත්හදා බැලීම දකුණු කොරියාව මෙන්ම, ජපානය විසින්ද ගර්හාවට ලක්කර ඇති අතර, දකුණු කොරියාවේ නව ජනපති මූන් ජේ-ඉන් ආරක්ෂක කවුන්සිලයේ හදිසි රැස්වීමක්ද කඳවා ඇති බව වාර්තා වෙයි.

ජපාන වාර්තාවන්ට අනුව මෙම මිසයිල දකුණු චීන මුහුදට වැටීමට පෙර විනාඩි 30ක පමණ කාලයක් ගුවනේ ගමන් කර ඇත.



Recommended Articles