උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් ඝාතනය කිරීම සඳහා ඇමෙරිකාව සහ දකුණු කොරියාව එක්ව සී.අයි.ඒ. මෙහෙයුමක් දියත් කර ඇති බව උතුරු කොරියාව අනාවරණය කරයි.
ඇමෙරිකානු හා දකුණු කොරියානු බුද්ධි අංශවල අනුග්‍රහය ලබන ත්‍රස්ත සංවිධානයක් මගින් ජෛව රසායනික ප්‍රහාරයක් මගින් සිය නායකයා ඝාතනය කිරීමේ සැලසුමක් අනාවරණය වූ බව උතුරු කොරියාවේ ජාතික ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එහි වැඩිදුරටත් දැක්වෙන්නේ උතුරු කොරියාව මෙම ත්‍රස්තයන් සොයා කිසිදු සමාවකින් තොරව ඔවුන් විනාශ කරන බවයි.
කොරියානු අර්ධද්වීපය තුළ දැඩි යුද උණුසමක් උද්ගත වී ඇති පරිසරයක් තුළ මෙම අනාවරණය සිදුවීමද විශේෂත්වයකි.
ඇමෙරිකාවේ වත්මන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් උතුරු කොරියානු අර්බුදය විසඳන බවට සපථ කර ඇති අතර, ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ නවත්වන බවද අවධාරණය කර තිබේ.