උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-උන් ස්මාට් විස්කෝතුවක් වගේ යැයි ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
සී.බී.එස්. රූපවාහිනිය සමග සාකච්ඡාවකට එක්වෙමින් ට්‍රම්ප් පවසන්නේ ඉතාම අඩු වයසින් බලය හිමිවූ උතුරු කොරියානු නායකයා හමුදා ප්‍රධානීන් රළු පුද්ගලයන් සමග ඒ වයසින්ම ගනුදෙනු ඇරඹූ බවයි.
මීට අමතරව, උතුරු කොරියානු න්‍යෂ්ටික වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමේදී උතුරු කොරියානු නායකයා පවසන්නේ, ඔහු හොඳ සිහියකින් යුතුව කටයුතු කරන්නේද යන්න පිළිබඳව තමාට අවබෝධයක් නොමැති බවයි.
උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-උන් මීට වසර දෙකකට පෙර සිය මාමා ඝාතනය කළේ බලයට පැමිණ දින කිහිපයකට පෙරදීය.
එමෙන්ම, මෑතකදී මියගිය ඔහුගේ අර්ධ සහෝදරයාගේ මරණය ගැනද කිම් වෙත චෝදනා එල්ල වී තිබේ.