උතුරු කොරියානු අර්බුදයට ජා. මැදිහත්වීමක් ඕනෑ - පාප්


ඇමෙරිකාව හා උතුරු කොරියාව අතර ඇතිවී තිබෙන උණුසුම් තත්ත්වය පාලනය කිරීම සඳහා ජාත්‍යන්තර මැදිහත්වීමක කඩිනමින් අවශ්‍යව ඇති බව පළමු වැනි ෆ්‍රැන්සිස් පාප් තුමන් පවසති.

මෙවැනි කර්තව්‍යයකදී ඕනෑම මොහාතක මැදිහත්වීමට නෝර්වේ රාජ්‍ය සූදානමින් සිටින බවද හෙතෙම පෙන්වා දෙති.

පාප් තුමන් අවධාරණය කරන්නේ මේ තත්ත්වය උත්සන්න වුවහොත්, එය මනුෂ්‍ය සංහතියේ ඉතා හොඳ කාල පරිච්ඡේදයක් විනාශ කිරීමේ මහා යුද්ධයක් වෙත ගමන් කළ හැකි බවයි.

උතුරු කොරියාව විසින් තවත් බැලස්ටික් මිසයිල අත්හදා බැලීමක් සිදුකළ බව ප්‍රකාශ කිරීමත්, එම මිසයිලය ගුවනට යවා සුළු මොහොතකින් එය විනාශ කළ බව දකුණු කොරියාව හා ඇමෙරිකාව අවධාරණය කිරීමත් සමග පාප් තුමන් මෙසේ අදහස් දක්වා තිබේ.

උතුරු කොරියාවේ ප්යොන්යැන්ග් නුවරට උතුරින් වූ දකුණුදිග ප්යොන්ගැන් හි ස්ථානයක සිට මෙම මිසයිලය ගුවනට යැවූ බව දකුණු කොරියාව පවසයි.

මේ අතර, ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් පවසා සිටියේ උතුරු කොරියානු පාලනය චීනයට හෝ චීන ජනාධිපතිවරයාටවත් ගෞරවයක් නොදක්වන බවයි.

මෑතකදී චීන ජනාධිපතිවරයා වර්ණනා කරමින් ට්‍රම්ප් පවසා සිටියේ ඔහු උතුරු කොරියානු අර්බුධය විසඳීම සඳහා දැඩි පරිශ්‍රමයක් ගනිමින් සිටින බවයි.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය තුළ උතුරු කොරියානු මිසයිල වැඩසටහන සම්බන්ධයෙන් සාකච්ඡා වී සුළු මොහොතකින් ඔවුන් යළිත් මෙවැනි මිසයිල අත්හදා බැලීමක් සිදුකිරීමද විශේෂත්වයකි.



Recommended Articles