කොරියානු අර්ධද්වීපයේ යුද උණුසුම තවත් තීව්‍ර කරමින්, උතුරු කොරියාව තවත් බැලිස්ටික් මිසයිලයක් අත්හදා බැලූ බව දකුණු කොරියානු හමුදා පවසයි.
මෙහිදී, අදාළ මිසයිලය කොතරම් දුරක් ගමන් කළේ දැයි පැහැදිලි නැතත්, ඇමෙරිකානු නිරීක්ෂණයන්ට අනුව මෙම මිසයිල අත්හදා බැලීම අසාර්ථක වී තිබේ.
උතුරු කොරියාවේ අගනුවරට උතුරින් වූ පියොන්ගැන් හි සිට අද අලුයම් කාලයේදී මෙම මිසයිලය නිකුත්වී ඇති බව දකුණු කොරියානු හමුදා පවසයි.
උතුරු කොරියාවේ න්‍යෂ්ටික අත්හදා බැලීම් අත්හැරීම සඳහා ඔවුන් වෙත බලපෑමක් කිරීමට ඇමෙරිකනු රාජ්‍ය ලේකම්වරයා විසින් සෙසු රටවලින් ඉල්ලීමක් කර පැය කිහිපයක් ඇතුළත මෙම මිසයිල අත්හදා බැලීම සිදුවීමද විශේෂත්වයකි.
කෙසේ වෙතත්, මේ සමගම කොරියානු අර්ධද්වීපය තුළ යුද උණුසුම තවදුරටත් තීව්‍ර කරනු ඇති බව දේශපාලන නිරීක්ෂකයෝ පවසති.