උතුරු කොරියාවෙන් එන ඕනෑම ආකාරයක මිසයිල තර්ජනයක් පිටුදැකීමට තරම් අවශ්‍ය තාක්ෂණය ඇමෙරිකාව සතු බව ඇමෙරිකානු පැසිෆික් අණදෙන නිලධාරී අද්මිරාල් හැරී හැරිස් කොංග්‍රසය හමුවේ අවධාරණය කර තිබේ.
ඔහු පවසන්නේ දකුණු කොරියාවේ ස්ථාපිත කර තිබෙන ඇමෙරිකානු මිසයිල ආරක්ෂණ පද්ධතිය විසින් උතුරු කොරියානු නායකයා දණ ගැස්වීම නොව ඔහුට බුද්ධිය පාදනු ඇති බවයි.
මේ අතර, ඇමෙරිකාව මේ වනවිට සිය ගුවන් යානා හාරක නෞකාවක් ප්‍රමුඛ යුද නෞකා කණ්ඩයක් මෙන්ම, න්‍යෂ්ටික බලයෙන් සන්නද්ධ යුද සබ්මැරීනයක්ද කොරියානු අර්ධද්වීපය වෙත යවා තිබේ.
මේ අතර චීනය පවසා සිටියේ ඇමෙරිකාවේ තාඩ් මිසයිල පද්ධතිය මෙම අර්ධද්වීපයේ ආරක්ෂාව අස්ථාවර කරනු ඇති බවයි.
උතුරු කොරියාව තවදුරටත් මිසයිල හෝ න්‍යෂ්ටික අත්හදා බැලීම් සිදුකරනු ඇති බවට වූ විශ්වාසයන් සමග මේ ආකාරයෙන් කොරියානු අර්ධද්වීපයේ උණුසුම වැඩි විය.
අද්මිරාල්වරයා වැඩිදුරටත් පවසා ඇත්තේ උතුරු කොරියාවට සිය න්‍යෂ්ටික වැඩපිළිවෙළේ අත්හදා බැලීම දිගින් දිගටම සිදුකිරීමට අවස්ථාව ලබාදීම ඔවුන්ට ඇමෙරිකාවට වුවද න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා මඟ පෑදීමක් බවයි.
කෙසේ වෙතත්, ට්‍රම්ප් හා ජින්පින් අතර මේ අවස්ථාවේ පවතින යහපත් සබඳතාව වැදගත් බවද අද්මිරාල්වරයා අවධාරණය කර තිබේ.