කෙටි සායවලින් සැරසුණු සුන්දර ගුවන් සේවිකාවන් පිරිසක් සමග උතුරු කොරියාව වෙත ලෝක ආකර්ෂණය දිනාගැනීමේ අලුත් උපායක් කිම් ජෝන්ග් උන් පෙන්වා ඇති බව විදෙස් වාර්තා පවසයි.
මීට පෙර උතුරු කොරියාවේ දැකිය නොහැකි වූ දින දර්ශනයක්, 2017 වසර වෙනුවෙන් ඉදිරිපත් කරමින් ගුවන් සේවිකාවන් ලෙස සැරසුණු සුන්දර තරුණියන් සමග ඡායාරූප පෙළක්ම එළිදක්වා තිබේ.
තම ගමන්මලු රැගෙන කෙටි සායවලින් සැරසී ගුවන් පථය හරහා ගමන් කරන තරුණියන්, ගුවන් ආරක්ෂණ විධිවිධාන පෙන්වන තරුණියන්, මල් කලඹක් රැගෙන ගුවන් තොටුපොළේ රැඳී සිටින තරුණියන් ආදී වශයෙන් මීට පෙර උතුරු කොරියානු දින දර්ශනයක දක්නට නොලැබුණු ආකාරයේ ඡායාරූප ඊට එක්ව ඇති බව කියයි.
කොරියානු රජයේ අපනයන හා ආනයනය ආයතනය විසින් මෙම විශේෂ දින දර්ශනය ප්‍රකාශයට පත්කර ඇති අතර, 2017 වසර සඳහා උතුරු කොරියානුවන්ට දින 71ක පොදු නිවාඩු හිමිවී තිබේ. එය පසුගිය වසරට වඩා නිවාඩු 3ක වැඩිවීමක් බවද පෙන්වා දෙයි.