උතුරු කොරියානු න්‍යෂ්ටික තර්ජන පුස්සක් - ට්‍රම්ප්


ඇමෙරිකා එක්සත් ජනපදයට පහරදීමට තරම් ශක්තියක් උතුරු කොරියාවේ මිසයිල පද්ධතියට හැකියාවක් පවතින්නේ යැයි යන මතය නව ඇමෙරිකානු ජනපති ඩොනලඩ් ට්‍රම්ප් ප්‍රතික්ෂේප කර තිබේ.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරන තේරීපත් ඇමෙරිකානු ජනාධිපතිවරයා අවධාරණය කරන්නේ උතුරු කොරියානු ප්‍රබල මිසයිල පද්ධතියක අවසන් අදියර සම්බන්ධ කිම් ජොන්ග්-උන්ගේ සූදානම කිසිදා සිදු නොවන්නක් බවයි.

කෙසේ වෙතත්, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මෙම පණිවුඩය හරහා උතුරු කොරියානු න්‍යෂ්ටික හැකියාව පිළිබඳ සැකයක් හෝ එම තර්ජනය මුලිනුපුටා දැමීමේ සැලැස්මක් පිළිබඳව පැහැදිලිතාවක් නොමැති බව විදෙස් වාර්තා පවසයි.



Recommended Articles