උතුරු කොරියානු මිසයිල අත්හදා බැලීම වරදී


උතුරු කොරියාවේ නවතම මැදි-දුර බැලස්ටික් මිසයිල අත්හදා බැලීමක් ව්‍යර්ථ වී ඇති බව දකුණු කොරියාව කියයි.

දකුණු කොරියානු ආරක්ෂක නිලධාරීන්ට අනුව එම මිසයිලය ගුවන්ගත කර තත්ත්පර කිහිපයකින් එය විනාශ වී තිබේ.

උතුරු කොරියාවේ නවතම මුසුඩූන් මිසයිලයේ දෙවැනි අත්හදා බැලීම ලෙස මෙය විශ්වාස කරන බවත්, මෙම මස මුලදීද මෙවැනිම මිසයිල අත්හදා බැලීමක් සිදුකළත් එයද ව්‍යර්ථ වූ බව දකුණු කොරියාව කියයි.

උතුරු කොරියාවේ කලාතුරකින් පැවැත්වෙන පාලක පක්ෂ කොංග්‍රසයේ බලය රැකගැනීම සඳහා පසුගිය කාලය පුරා ඔවුන්ගේ හමුදා ශක්තිය පෙන්වන න්‍යෂ්ටික අත්හදා බැලීම් පවා සිදුකෙරිණි.

කෙසේ වෙතත්, උතුරු කොරියාවේ සිදුවන හමුදා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දකුණු කොරියාව මෙන්ම, ඇමෙරිකාවද දැඩි ප්‍රතිපත්තියක සිටින අතර, මෑතකදී එරටට එරෙහිව සම්බාධකද තරකරනු ලැබිණි.



Recommended Articles