උතුරු කොරියානු පාලනයේ ජ්‍යෙෂ්ඨයෙකු දිවියෙන් සමුගනී


උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-උන්ගේ සමීපතම ජ්‍යෙෂ්ඨ සහායකයෙකු මෝටර් රථ අනතුරකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට පුවත් සේවය පවසයි.

එරට පාලක කම්කරු පක්ෂයේ ලේකම්වරයෙකු වන 73 හැවිරිදි කිම් යැන්ග්-ගොන්ග් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.

උතුරු හා දකුණු කොරියාව අතර කාලතුවක්කු වෙඩි හුවමාරුවකින් පසුව ඇති වූ උණුසුම් තත්ත්වය පාලනය කිරීම සඳහා දෙරට අතර සාම සාකච්ඡා වෙනුවෙන් සහභාගි වූ උතුරු කොරියානු නියෝජිත කණ්ඩායමද ඔහු නියෝජනය කර තිබුණි.

උතුරු කොරියානු නායකයාගේ සමීප මිතුරෙකු හා විප්ලවයේ සහකරුවෙකු ලෙස එරට රජයේ පුවත් සේවය විසින් කිම් යැන්ග්-ගොන්ග් හඳුන්වා ඇත.



Recommended Articles