උතුරු කොරියා න්‍යෂ්ටික වැඩපිළිවෙළ ඉදිරියටත්


උතුරු කොරියාව සිය ප්‍රධාන න්‍යෂ්ටික බලාගාරයේ කටයුතු සාමාන්‍ය පරිදි යළි ආරම්භ කළ බව නිවේදනය කරයි.

යොන්ග්බොයෝන්ග් න්‍යෂ්ටික බලාගාරයේ මෙහෙයුම් මෙසේ සාමාන්‍ය පරිදි ඇරඹීම පිළිබඳ නිවේදනය කරන එරට රජයේ මාධ්‍ය පවසන්නේ, තම රට උසස් හා ප්‍රමාණාත්මකව ඉහළ න්‍යෂ්ටික අවි ආයුධ තැනීම සම්බන්ධයෙන් ඉදිරියට පැමිණ ඇති බවයි.

2007 වසරේදී වසා දැමුණු මෙම න්‍යෂ්ටික බලාගාරය 2013 වසරේදී යළි විවෘත කරන බව උතුරු කොරියාව පවසා සිටියේ, සිය රටේ තෙවැනි න්‍යෂ්ටික අත්හදා බැලීම සිදුකරමිනි.

න්‍යෂ්ටික අවි ආයුධ තැනීම සඳහා යොදාගන්නා ප්ලූටෝනියම් ලබාගන්නා ප්‍රධාන මූලාශ්‍රය මෙම බලාගාරය බව කියැවෙයි.



Recommended Articles