උත්තර් ප්‍රදේශ් සංචාරක අත්පොත ටජ්මහල හලයි


උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ සංචාරක ස්ථානයන් පිළිබඳ දැක්වෙන සංචාරක අත්පොතින් ටජ්මහල් ප්‍රාසාදය ඉවත් කර ඇති බව වාර්තා වෙයි.

සංචාරක දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන මෙම සංචාරක අත්පොත එරට සංචාරක ස්ථාන ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් නිර්මාණය වූවකි.

කෙසේ වෙතත්, වත්මන් ලෝකයේ පුදුම හතට පවා ඇතුළත් වූ ටජ් මහල් ප්‍රාසාදය එම සංචාරක අත්පොතින් ඉවත් කිරීමට උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත බලධාරීන් කටයුතු කර තිබේ.

මෙම සංචාරක අත්පොත සෑම මාස 6කට වරක්ම එළිදැක්වෙන අතර, ඉන්දියාවේ වැඩිම ජනගණත්වයක් ජීවත්වන උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තය තුළ පිහිටි සියලුම සංචාරක වැදගත්කමක් ඇති ස්ථාන පිළිබඳව එහි සඳහන් වෙයි.

උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ නව මහ ඇමතිවරයා වශයෙන් හින්දු ජාතිකවාදියෙකු වූ යෝගී අදිත්‍යනාත් මෑතකදී තේරීපත් වූ අතර, ප්‍රාන්තය තුළ හින්දූන්ගේ බලය යළි ප්‍රකට කළ අවස්ථාවක් ලෙසද මෙය සැලකෙයි.

ඔහු මීට පෙර පවසා තිබුණේද, ටජ් මහල ඉන්දීය සංස්කෘතිය විදහා දැක්වෙන නිර්මාණයක් නොවන බවයි.

ඉන්දියාව ආක්‍රමණය කළ මුස්ලිම් අධිරාජ්‍ය පරම්පරාවේ ෂාහ් ජහාන් රජු විසින් 17 වැනි සියවසේදී සිය බිරිඳ වූ මුම්ටාස් මහල් සිහිවීම පිණිස ටජ් මහල් ප්‍රාසාදය ඉදිකර තිබුණි.

1_Taj Mahal



Recommended Articles