උණුසුම් සටනක් සමග ඉතාලි මැතිවරණය ඇරඹේ


ඉතාලියේ සරණාගත ප්‍රශ්නය මෙන්ම ආර්ථිකය සම්බන්ධයෙන් දැඩි කතාබහක් ඇති කළ මැතිවරණ ව්‍යාපාරයකින් පසුව එරට මහ මැතිවරණය ඊයේ ආරම්භ විය.

එරට සිටින ජාත්‍යන්තර මාධ්‍ය පවසා සිටියේ මෙවර මැතිවරණයෙන් කවරෙකු ජයග්‍රහණය කරයිද යන්න පැවසිය නොහැකි අතර, උණුසුම් සටනක් ඇතිවිය හැකි බව විශ්වාස කෙරෙයි.

ෆයිව් ස්ටාර් ව්‍යාපාරය, වත්මන් පාලක පක්ෂය වන ඩෙමොක්‍රටික් පක්ෂය සහ හිටපු අගමැති සිල්වියෝ බෙර්ලූස්කෝනිගේ දක්ෂිණාංශික සන්ධානය යන සියලු පක්ෂ තමන් ජයග්‍රහණය කරන බව පවසා තිබේ.

81 හැවිරිදි බෙර්ලූස්කෝනි මෙවර මැතිවරණයට තරග කළත් ඔහුට එරෙහිව පවතින බදු වංචා හේතුවෙන් ලබන වසර වනතුරු අගමැති ධුරයක් අපේක්ෂා කිරීමට ඔහුට අවස්ථාවක් නොමැති බවද කියැවෙයි.

කෙසේ වෙතත්, සිව් වතාවක් එරට අගමැති ධුරය හෙබවූ බෙරේලූස්කෝනි මෙවර සංක්‍රමණ විරෝධී ලීගය සමග සන්ධානගතව සිටින අතර, යුරෝපා පාර්ලිමේන්තු සභාපති ඇන්ටෝනියෝ ටජානිද ඔහුට සහාය දක්වන බව කියැවෙයි.

1_Election



Recommended Articles