උගන්ඩා ජනපති ධුර කාලය දීර්ඝ කිරීමේ වාදය උණුසුම් වෙලා


උගන්ඩාවේ ජනාධිපති ධුර කාලය දීර්ඝ කිරීම සඳහා පැවති පාර්ලිමේන්තු විවාදයක් උණුසුම් වී එය ගුටිබැට හුවමාරුවක් දක්වා උත්සන්න වූ බව විදෙස් වාර්තා පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සභා ගර්භය වෙත තුවාක්කුවක් රැගෙන පැමිණි බවට තොරතුරු වාර්තා වී තිබුණත්, පාර්ලිමේන්තු ආරක්ෂක අංශ වෙත එවැනි තුවක්ක්කුවක් පිළිබඳ කිසිදු හෝඩුවාවක් නොලැබුණු බවද කියයි.

දැනට උගන්ඩාව පාලනය කරන 73 හැවිරිදි වියේ පසුවන ජනාධිපති යොවුරි මුසෙවේනි තවදුරටත් සිය ධුර කාලය දීර්ඝ කරගැනීම සඳහා සිදුකළ මෙම ක්‍රියාව දැඩි දෝෂ දර්ශනයට ලක්ව තිබුණත්, ඒ සඳහා පැවති ඡන්ද විමසීම වැඩි ඡන්ද 75කින් සම්මත වී තිබුණි.

උගන්ඩා ජනපතිවරයා 1986 වසරේදී ප්‍රථම වරට බලයට පැමිණි අතර, පසුව 1996 දී යළි බලයට පැමිණියේය. කෙසේ වෙතත්, 2021 දී පැවැත්වීමට නියමිත උගන්ඩා ජනාධිපතිවරණයේදී දැනට ව්‍යස්ථාවේ පවතින වයස් සීමාවම පැවතියහොත් වත්මන් ජනපතිවරයාගේ සිව්වැනි ජනපති සිහිනය බොඳවී යනු ඇත.

1_Uganda



Recommended Articles