උගන්ඩාවේ බස් රථ අනතුරින් දරුවන් 3ක් සමග මරණ 22යි


උතුරුදිග උගන්ඩාවේ සිදුවූ බස් රථ අනතුරකින් දරුවන් තිදෙනෙකුද ඇතුළුව පුද්ගලයන් 22 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

රාත්‍රී කාලයේ විදුලි ලාම්පු නොදල්වා ධාවනය කළ ට්‍රැක්ටරයක මෙම බස් රථය මුලින් ගැටී ඇති අතර, පසුව එය ලොරියකද ගැටී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශිකා එමිලියාන් කයීමා ප්‍රංශ පුවත් සේවයට පවසා ඇත.

කම්පාලා අගනුවරට කිලෝමීටර් 220ක් පමණ උතුරට වන්නට පිහිටි කිර්යාන්ඩොන්ගෝ ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇති බව සඳහන් වෙයි.

උගන්ඩාවේ ඇතැම් මාධ්‍ය වාර්තාවන්ට අනුව මරණ සංඛ්‍යාව 30 දක්වා ඉහළ යා හැකි බවද කියා තිබුණි.

ලෝකයේ මාර්ග ආරක්ෂණය සම්බන්ධයෙන් ඉතා නරකම වාර්තාවන් පවතින රාජ්‍යයක් ලෙස උගන්ඩාව සැලකෙයි.

2015 සිට 2017 දක්වා කාලය තුළ උගන්ඩාවේ මාර්ග අනතුරු හේතුවෙන් පුද්ගල මරණ 9,500ක් වාර්තා වී තිබුණි.

1_Uganda 2



Recommended Articles