උස්බකිස්තාන ජනාධිපතිවරයාගේ හදිසි අභාවය පිළිබඳ කුකුසක් ඇති කර තිබෙන බව විදෙස් වාර්තා පවසයි.
වසර 27ක් බලයේ සිටි ඉස්ලාම් කරිමෝව් අවුරුදු 78ක් ආයු වළඳා හදිසියේ රෝගාතුරව ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඔහු ආසියාවේ සිටි ඒකාධිපති පාලකයෙකු ලෙස ප්‍රකටය.
මොළයේ අභ්‍යන්තර ලේ ගැලීමක් හේතුවෙන් ඔහු හදිසියේ රෝහල්ගත කර තිබුණත්, රජය පවසා තිබුණේ ඔහු තරමක් අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන බව පමණි.
කෙසේ වෙතත්, අද (02දා) තුර්කි අගමැතිවරයා මෙන්ම, ඇතැම් විදෙස් වාර්තා විසින් උක්බකිස්තාන ජනාධිපතිවරයාගේ මරණය පිළිබඳ මුලින්ම සැල කර තිබුණි.
පසුව උස්බකිස්තාන රජයේ රූපවාහිනියේ විනෝදාස්වාදී වැඩසටහන් ප්‍රචාරය නොවීය.
පසුගිය අගෝස්තු 17 වැනිදා සිට ප්‍රසිද්ධියේ දක්නට නොලැබුණු ජනාධිපතිවරයාගේ ඒකාධිපති පාලනය හේතුවෙන්ම එරට තුළ නීත්‍යනුකූල විරුද්ධ පක්ෂයක්ද නොවීය. එමෙන්ම, මාධ්‍ය ආයතනයද දැඩි පාලනයක පැවතිණි.
කෙසේ වෙතත්, ඔහුගේ මරණයෙන් පසුව එරට බලයට පත්වන්නා පිළිබඳවද මෙතෙක් පැහැදිලි නිගමනයක් නොමැති බව විදෙස් වාර්තා පවසයි.