ඊශ්‍රායල් අග්‍රමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු හතර වැනි වරටත් අග්‍රාමාත්‍යවරයා වීමේ බලාපොරොත්තුවෙන් එරට මහ මැතිවරණයට මුහුණ දෙන බවත්, මිලියන ගණනක වැසියන් මෙවර ඡන්දය ලබාදීමට යුහුසුළුව පැමිණෙමින් සිටි බවත් විදෙස් වාර්තා පවසයි.
නෙතන්යාහු සමග කරට කර තරගයක් ලබාදීම සඳහා එරට මධ්‍ය වාමාංශික සන්ධානය ඉදිරිපත්ව සිටින අතර, පලස්තීනය හා ජාත්‍යන්තරය සමග යහපත් සබඳතාවත් ගොඩනගා ගැනීම ඔවුන්ගේ බලාපොරොත්තුව බව කියයි.
කෙසේ වෙතත් නෙතන්යාහු පවසන්නෙ තමන් නැවතත් බලයට පත්වූ විට පලස්තීනය අතුගා දමන බවයි.
එමෙන්ම, ඊශ්‍රායල් ආර්ථිකය හා ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමද මෙවර මැතිවරණ වේදිකාවේ ප්‍රධාන මාතෘකා බවට පත්ව තිබේ.
අද උදෑසන ආරම්භ වූ ඡන්ද දැමීම්, රාත්‍රී කාලයේදී අවසන් විය.