ඊශ්‍රායල් - පලස්තීන ගිනි නිවීමට පාප්වහන්සේගෙන් නායකයන්ට ඇරයුම්


සිය දින තුනක මැදපෙරදිග සංචාරය අතරතුර වෙස්ට්බෑන්ක් හි ඊශ්‍රායලය විසින් ඉදිකර ඇති කොටුබැම්ම මත හිස තබමින් පාප් වහන්සේ යාඥා කළ බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

සිය සංචාරය අතරතුර කලින් නියම නොවූ නවාතැනක් වුවද, මෙහි නතර වූ පාප් වහන්සේ ඊශ්‍රායලය හා පලස්තීනය අතර ඇවිලෙන ගිනි නිවේවායා ප්‍රාර්ථනා කරන්නට විය.

බෙත්ලෙහෙමේදී අදහස් දක්වමින් ඊශ්‍රායල් හා පලස්තීන නායකයන්ට වතිකානුව වෙත ආරාධනා කරමින් සාමය වෙනුවෙන් එක්ව යාඥා කරන ලෙස ඉල්ලා සිටියේය.

ඊශ්‍රායලය හා පලස්තීනය අතර වූ සාම සාකච්ඡා බිඳ වැටීමෙන් සතියකට පසු පාප් වහන්සේගේ සංචාරය යෙදී තිබීමද විශේෂත්වයක් බව විදෙස් පුවත් සේවා පවසයි.



Recommended Articles