ඊශ්‍රායල් දරුවෙකුගේ මරණය වෙනුවෙන් ගාසාවට දැවැන්ත ප්‍රහාර


පලස්තීනය දෙසින් එල්ල වූ මෝටාර් ප්‍රහාරයක් හේතුවෙන් ඊශ්‍රායලයේ සිවි හැවිරිදි දරුවෙකු ජීවිතක්ෂයට පත්වීම තුළ ඊශ්‍රායලය විසින් පලස්තීනය වෙත එල්ල කරන ගුවන් ප්‍රහාර දැඩි කොට ඇති බව වාර්තා වෙයි.

මෙම දරුවාගේ මරණය පිළිබඳ කතා කරමින් ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවා පවසා ඇත්තේ මෙම ඝාතනයෙන් පසුව හමුදා මෙහෙයුම් වේගවත් කළ බවයි.

මේ අතර, ඊයේ දිනයේදී ඊශ්‍රායල් ගුවන් ප්‍රහාර හේතුවෙන් පලස්තීනුවන් හතර දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඒ අනුව, මේ දක්වා පලස්තීනුවන් 2,090ක් හා ඊශ්‍රායල් ජාතිකයන් 67 දෙනෙකු ගාසා ගැටුම් හේතුවෙන් ජීවිත්ක්ෂයට පත්ව තිබේ.

පලස්තීනයේදී ජීවිතක්ෂයට පත්වූවන් රැසක් සිවිල් වැසියන් වෙයි.

ඊශ්‍රායල් අගමැතිවරයා තම රටේ එක් දරුවෙකුගේ මරණය වෙනුවෙන් කුපිත වීම තුළ කිසිවෙකු ප්‍රාර්ථනා නොකළද පලස්තීන දරුවන් දහස් ගණනකට ජීවිත අහිමි වීම ඉදිරි දිනවලදී දැකගත හැකි වනු ඇත.



Recommended Articles