පලස්තීන තුවක්කු කරුවෙකු සිදුකළ වෙඩි තැබීමකින් ඊශ්‍රායල් ජාතිකයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
බටහිර ඉවුරේ ඉදිකර ඇති යුදෙව් ජනාවාසයක පිවිසුම් දොරටවක් අසලදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බව ආරක්ෂක අංශ පවසයි.
මෙම වෙඩි තැබීම සිදුකළ 37 හැවිරිදි පුද්ගලයාද පසුව වෙඩි තබා ඝාතනය කර ඇති අතර, ඔහු ඒ ආසන්න ගම්මානයක පදිංචි පලස්තීන ජාතිකයෙකු බව තහවුරු වී තිබේ.
මෙම ම්ලේච්ඡ ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසා සිටියේ පලස්තීනයේ උවමනාවට මෙම ප්‍රහාරය සිදුවන්නට ඇති බවයි.
ඊශ්‍රායලය හා පලස්තීනය අතර සාම සාකච්ඡා යළිත් සක්‍රීය කිරීමට ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝජිත ජොන්සන් ග්‍රීන්බල්ට් ජෙරුසෙලමට පැමිණ සිටියදීම මෙම ප්‍රහාරයද දියත් වීමද විශේෂත්වයකි.