ඊශ්‍රායලය නැවතත් පලස්තීනයට පහර දෙයි


ඊශ්‍රායලය විසින් ගාසා තිරය වෙත ගුවන් ප්‍රහාරයක් එල්ල කර ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

පසුගිය අගෝස්තු මාසයේ ආරම්භ වූ සටන් විරාමයෙන් පසුව ඊශ්‍රායලය එල්ල කළ ප්‍රථම ගුවන් ප්‍රහාරය මෙයයි.

ගාසා සිට හමාස් සටන්කාමීන් විසින් එල්ල කරන ලද රොකට් ප්‍රහාරයකට ප්‍රතිප්‍රහාර දැක්වීමක් ලෙස මෙම ප්‍රහාරය එල්ල කළ බව නිවේදනයක් නිකුත් කරන ඊශ්‍රායල් ආරක්ෂක අංශ පවසයි.

ඛාන් යූනිස් ප්‍රදේශයේ ජනතාව පෙන්වා දෙන්නේ ප්‍රහාරය සමග පළාතම දෙදරුම් කෑමකට ලක්වූ බවයි.

සති හතක් පුරා ජීවිත 2,200ක් පමණ අහිමි කරමින් ඊශ්‍රායලය හා පලස්තීනය අතර ඇති වූ යුධමය වාතාවරණය සටන් විරාමයකින් කෙළවර වී එය යළි සක්‍රීය වෙමින් පවතින අවස්ථාවක් ලෙස මෙම ප්‍රහාරය හඳුන්වාදී තිබේ.



Recommended Articles