ඊශ්‍රායලයේ සංචාරයක් සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද (04දා) එරටට වීමට නියමිත අතර, ඔහුගේ මෙම සංචාරයත් සමග ඊශ්‍රායලය වෙත පැමිණෙන ප්‍රථම ඉන්දිය අගමැතිවරයා බවට මෝදි පත්ව තිබේ.
මෙම සංචාරයට පෙර අදහස් දක්වමින් මෝදි පවසා තිබුණේ ඉන්දියාව හා ඊශ්‍රායලය අතර ශතවර්ෂාධික කලයක සිට ඉතා සමීප සබඳතා පැවති බවයි. එමෙන්ම, මෙම සබඳතා තරකර ගැනීම මෙම සංචාරයේ අරමුණ බවද මෝදි සඳහන් කර තිබේ.
මීට අමතරව, ඊශ්‍රායල් සංචාරයේදී දෙරටේ යුද ශක්තිය වර්ධනය කිරීම මෙන්ම සයිබර් ආරක්ෂා ඉහළ නැංවීම පිළිබඳවද මෝදි අගමැතිවරයා ඊශ්‍රායල් නායකයන් සමග සාකච්ඡා කිරීමට නියමිතව පැවති බව විදෙස් වාර්තා පවසයි.
කෙසේ වෙතත්, මෙම සංචාරයේදී ඉන්දීය අගමැතිවරයා රාමල්ලාහ් වෙත සංචාරය කිරීමක් හෝ පලස්තීන නායකයන් හමුවීමක් පිළිබඳව සඳහන් නොවූ බවද එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පවසයි.
මෙය ඊශ්‍රායලය සම්බන්ධයෙන් ඉන්දියානු ස්ථාවරයේ සුවිශේෂී සංධිස්ථානයකට පැමිණීමක් බව දේශපාලන විචාරකයෝ පවසති.