ඊජිප්තුවේ ගුවන් යානා පුහුණු සැසියකදී හමුදා ගුවන් යානයක් කඩා වැටීමෙන් එරට හමුදාවේ හය දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි.
කයිරෝ නගරයෙන් කිලෝමීටර් 100ක් පමණ දකුණින් වූ ෆයෝම් පළාතේ, අකාම් අව්ෂිම් ප්‍රදේශය වෙත මෙම යානය කඩා වැටී ඇති අතර, එහිදී එක් පුද්ගලගයෙකු තුවාල ලබා ජීවිතය බේරාගෙන ඇති බවද පැවසෙයි.
යානයේ ඇති වූ තාක්ෂණික දෝෂයක් මෙම අනතුරට හේතුව බව පැවසෙන අතර, මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් එරට ආරක්ෂක අමාත්‍යාංශය විසින් කඳවා තිබේ.