ඊජිප්තු මුස්ලිම් සහෝදරත්වයේ 10කට මරණ දඬුවම් නියමවේ


ඊජිප්තුව තුළ මේ වනවිට තහනමට ලක්ව ඇති මුස්ලිම් සහෝදරත්වය නමැති දේශපාලන ව්‍යාපාරයේ නායකයන් 10කට එරට අධිකරණය මගින් මරණීය දණ්ඩනය පමුණුවා ඇති බව වාර්තා වෙයි.

2013 ජූලි මාසයේදී පැතිර ගිය ප්‍රචණ්ඩක්‍රියාවලට ජනතාව උසි ගන්වමින් හා කුපිත කරමින්, පුද්ගලයන් දෙදෙනෙකුට මරු කැඳවීමට ජනතාව පොළොඹවමින් ක්‍රියා කළේ යැයි ඔවුන්ට එරෙහිව චෝදනා එල්ල වී තිබුණි.

එම නඩුවේ විත්තිකරුවන් වූ මුස්ලිම් සහෝදරත්වයේ ප්‍රමුඛ නායකයා වූ මොහම්මඩ් බාදි ඇතුළු තවත් 38 දෙනෙකුට එරෙහි නඩු තීන්දුව ලබන මස ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවද එරටින් වාර්තා වෙයි.

මුස්ලිම් සහෝදරත්වයේ මොහම්මඩ් බාදි නමැති මෙම නායකයා මීට පෙර පැවති නඩු විභාගයකින්ද මරණ දඬුවම නියම වූවෙකු බව පැවසෙයි.

 



Recommended Articles